අයිස් සමඟ මාට්ටූ වූ දෙමටගොඩ පොලිස් කොස්තාපල් අද අධිකරණයට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමඟ දෙමටගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (16) නාවල සුරාබදු ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලබනා අවස්ථාවේ දී එම පොලිස් කොස්තාපල්වරයා සමඟ තවත් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම පොලිස් නිලධාරීයා පොලිස් නිල ඇඳුමෙන් සිටියදී අත්අඩංගුවට ගත්තද ඔහු ඒ වන විට රාජකාරියෙන් බැහැරව සිට තිබෙනවා.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී වටිනාකමින් රුපියල් ලක්ෂ 25ක් පමණ වන අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සොයා ගෙන ඇති බව නාවල සුරාබදු ඒකකය සඳහන් කළා.

එම සැකකරුවන් අද (17) මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36