අයවැය හිඟය 63.8%කින් පහළ ගිහින් – රාජ්‍ය ඇමති සියඹලාපිටිය

පසුගිය වසරේ මුල් මාස 05ට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 05 තුළ අයවැය හිඟය 63.8%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

2023 වසරේ මැයි මස 31 දක්වා කාලය තුළ රුපියල් බිලියන 1014ක අයවැය පරතරයක් පැවති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙම වසරේ එම කාලය තුළ අයවැය පරතරය රුපියල් බිලියන 366ක් ලෙස වාර්තා වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රට නිසි ආර්ථික වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තත්වයට ළඟාවීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

බලයලත් ආර්ථික මෙහෙයුම්කරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුව සංවිධානය කළ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කළ 2018 වසරේ දී රුපියල් බිලියන 923ක් වූ සමස්ත ආදායමෙන් බිලියන 204ක් හෙවත් 22%ක් රථවාහන ආනයනයට ලබාගෙන ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළා.

2019 වසරේ සමස්ත ආදායමෙන් 16%ක් හෙවත් රුපියල් බිලියන 130ක් රථවාහන ආනයනයට වියදම්කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30