අයවැය කතාවෙන් පසු විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට

2023 මුදල් වර්ෂයට අදාළව ජනාධිපතිවරයා අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩු පක්ෂය සමඟ එක්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා
.
මෙලෙස එක්වෙන මන්ත්‍රීවරු අතර සමගි ජනබලවේගයේ ප්‍රබලයෙක් ද සිටින බවයි දැනගන්නට ලැබුණේ.

අයවැය ලේඛනය ක්‍රියාවට නැංවීම ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ඔහු මෙලෙස ආණ්ඩුව සමඟ එක්වන බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනධිපති ධුරයට පත්වීමේ පසු ඉදිරිපත් කරනු ලබන පළමු අයවැය අද (14) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර සමගි ජනබලවේගයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් හත්දෙනෙකුට මෙම සතියේ දී අමාත්‍යධුර ලබාදීමේ සැලසුමක් ද පවතින බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12