spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයර්ලන්තය එළියට ඇද දමමින් ශ්‍රී ලංකාව සුපිරි හයදෙනා අතරට

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව අද (25) මුහුණ දුන් තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 133ක ජයග්‍රහණයක් වාර්තා කළා.

මෙම ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි හයදෙනාගේ තරග වටය සඳහා ද සුදුසුකම් ලබාගත්තා

අයර්ලන්ත ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 05ක් තුළ ලකුණු 325ක් රැස්කළා.

මෙහිදී දිමුත් කරුණාරත්න ලකුණු 103ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 82ක් රැස්කරමින් සිය දායකත්වය ලබා දුන්නා.

පන්දු යැවීමේ දී මාර්ක් ඇඩෙයාර් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණා.

අනතුරව ලකුණු 326ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය පන්දුවාර 31ක් තුළ ලකුණු 192කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

එහිදී අයර්ලන්ත ඉනිම සුණු විසුණු කළ වනිඳු හසරංග සිය පන්දුවාර 10 තුළ ලකුණු 79කට කඩුලු 06ක් බිද දැමුවා.

අයර්ලන්තය ලද මෙම පරාජයත් සමඟ තරගාවලියෙන් ඉවත්වීමට ඔවුන්ට සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
11
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?