චමරිගේ ඔටුන්න අනුෂ්කාගේ හිස මතට

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත් ව යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට ටික වේලාවකට (06) පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත් ව ගොස් තිබෙනවා.

ඔවුන් අද රාත්‍රියේ දී අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බලා පිටත් ව යන බවයි වාර්තා වන්නේ.

මෙවර තරගාවලිය සඳහා නායිකා චමරි අතපත්තු ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ ඇය Women’s Hundred තරගාවලිය සඳහා එක් වීම හේතුවෙන්.

චමරි වෙනුවට මෙවර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය කඩුලු රකින්නිය ලෙස කටයුතු කරන අනුෂ්කා සංජීවනී හට හිමිව තිබෙනවා.

චමරි අතපත්තු වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ කෞෂිනි නෘත්‍යාංගනායි.

ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට එක් ව සිටින්නේ මුල් පෙළ පිතිකාරිණියක් ලෙස.

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ ; විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, ඉනෝෂි ප්‍රියදර්ශනී, සුගන්ධිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධිනී, කාව්‍යා කාවින්දි, අචිනි කුලසූරිය, සචිනි නිසංසලා, සෂිනි ගිම්හානි, අමා කාංචනා සහ කෞෂිනි නෘත්‍යාංගනා යි.

දෙරට අතර පළමු ව තරග 02කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියක් පැවැත්වෙන අතර එහි පළමු තරගය එළඹෙන 11 වැනිදා ආරම්භ වනවා.

එක්දින තරගාවලිය ඇරඹෙන්නේ අගෝස්තු 16 බෙල්ෆාස්ට් හිදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53