අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින හා පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා පිටත් ව යන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට ටික වේලාවකට (06) පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත් ව ගොස් තිබෙනවා.
ඔවුන් අද රාත්‍රියේ දී අයර්ලන්තයේ ඩබ්ලින් නුවර බලා පිටත් ව යන බවයි වාර්තා වන්නේ.
මෙවර තරගාවලිය සඳහා නායිකා චමරි අතපත්තු ක්‍රීඩා කරන්නේ නැහැ.
ඒ ඇය Women’s Hundred තරගාවලිය සඳහා එක් වීම හේතුවෙන්.
චමරි වෙනුවට මෙවර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය කඩුලු රකින්නිය ලෙස කටයුතු කරන අනුෂ්කා සංජීවනී හට හිමිව තිබෙනවා.
චමරි අතපත්තු වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ කෞෂිනි නෘත්‍යාංගනායි.
ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට එක් ව සිටින්නේ මුල් පෙළ පිතිකාරිණියක් ලෙස.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්නේ ; විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, ඉනෝෂි ප්‍රියදර්ශනී, සුගන්ධිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධිනී, කාව්‍යා කාවින්දි, අචිනි කුලසූරිය, සචිනි නිසංසලා, සෂිනි ගිම්හානි, අමා කාංචනා සහ කෞෂිනි නෘත්‍යාංගනා යි.
දෙරට අතර පළමු ව තරග 02කින් සමන්විත පන්දුවාර 20 තරගාවලියක් පැවැත්වෙන අතර එහි පළමු තරගය එළඹෙන 11 වැනිදා ආරම්භ වනවා.
එක්දින තරගාවලිය ඇරඹෙන්නේ අගෝස්තු 16 බෙල්ෆාස්ට් හිදීයි.














Chamarai nathi ekatanm duki. Eth chamari ne kiyala ape kello gema atharinne ne. Aniwaryen okkoma matches dinanawa. Weldone kellane