AFC Banner
AFC Banner
Empty Ad

අමෙරිකාව නීතිවිරෝධී සංක්‍රමණිකයින් 538ක් පිටුවහල් කෙරේ

ට්‍රම්ප් පරිපාලනය යටතේ අමෙරිකානු ආරක්ෂක අංශ එරටට ඇතුල් වී සිටි නීතිවිරෝධී සංක්‍රමණිකයින් 500කට අධික සංඛ්‍යාවක් අත් අඩංගුවට ගෙන ගුවන් හමුදා යානා භාවිත කරමින් එරටින් පිටුවහල් කර තිබෙනවා.

NDTV පුවත් සේවය වාර්තා කරන්නේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් X සටහනක් මගින් නිවේදනය කර ඇත්තේ ට්‍රම්ප් පරිපාලනය විසින් කිසිදු අයුරකින් අනීතිකව සිය රාජ්‍යයට ඇතුල් වීමට කිසිවෙකුටත් අවසරයක් ලබා නොදෙන බවයි.

ට්‍රම්ප් දිවුරුම් දී දින තුනක් ඇතුළත මෙම නීතිවිරෝධී සංක්‍රමණිකයින් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනුණා.

“ට්‍රම්ප් පරිපාලනය විසින් සැක සහිත ත්‍රස්තවාදියෙකු, ට්‍රෙන් ඩි අරගුවා කල්ලියේ සාමාජිකයින් හතර දෙනෙකු සහ බාල වයස්කරුවන්ට එරෙහි ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ නීතිවිරෝධී පුද්ගලයින් කිහිපදෙනෙකු ඇතුළුව නීතිවිරෝධී සංක්‍රමණික අපරාධකරුවන් 538 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත,” යනුවෙන් ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

ඉතිහාසයේ විශාලතම හා දැවැන්තම පිටුවහල් කිරීමේ මෙහෙයුම හොඳින් සිදුවෙමින් පවතින බවත් ට්‍රම්ප් දුන් පොරොන්දු ඉටු කරමින් පවතින බවයි ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාව සඳහන් කරන්නේ.

White
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?