spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමෙරිකාවට ඇතුල්වෙන්න අවසර නැති කොවිඩ් එන්නත : ලංකාවෙත් පුද්ගලයින් ලක්ෂ එකහාමාරකට එන්නත දීලා

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවසර ලබාදී ඇති කොවිඩ් මර්ධන එන්නත් වර්ග ලබාගෙන සිටින පුද්ගලයින්ට අමෙරිකාවට පැමිණීම සඳහා අවසර ලබාදීමට එරට රෝග නිවාරණ මධ්‍යස්ථානය විසින් තීරණය කර තිබෙනවා.

හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ කොවිඩ් එන්නත් වර්ග 06කට පමණක් අමෙරිකාවට ඇතුල්වීමේ අවසරය හිමිව ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ භාවිතයට ගනු ලබන කොවිඩ් එන්නත් වර්ග වලින් 04කට පමණක් අමෙරිකාවේ සංචාරය කිරීමේ අවසරය හිමිවනු ඇති.

ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා, ෆයිසර් සහ සිනොෆ්‍රෑම් එක්සත් ජනපදයට යන විට අනුමත කරන ලද එන්නත් අතර වේ.

රුසියාවේ ස්පුට්නික් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති හෙයින් එම එන්නතට අමෙරිකාවෙන් ද අවසරය් හිමිවී නෑ.

කෙසේ වෙතත්, මෙම එන්නත හදිසි භාවිතා කිරීම සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසර ලබා දෙනු ඇතැයි රුසියානු බලධාරීන් බලාපොරොත්තුවෙන් සිටියි.

මේ වන විටත් ලංකාවේ 160,000 කට ආසන්න පිරිසකට ස්පුට්නික් එන්නත ලබා දී තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?