අමෙරිකාවට ඇතුල්වෙන්න අවසර නැති කොවිඩ් එන්නත : ලංකාවෙත් පුද්ගලයින් ලක්ෂ එකහාමාරකට එන්නත දීලා

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අවසර ලබාදී ඇති කොවිඩ් මර්ධන එන්නත් වර්ග ලබාගෙන සිටින පුද්ගලයින්ට අමෙරිකාවට පැමිණීම සඳහා අවසර ලබාදීමට එරට රෝග නිවාරණ මධ්‍යස්ථානය විසින් තීරණය කර තිබෙනවා.

හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවූ කොවිඩ් එන්නත් වර්ග 06කට පමණක් අමෙරිකාවට ඇතුල්වීමේ අවසරය හිමිව ඇති බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ භාවිතයට ගනු ලබන කොවිඩ් එන්නත් වර්ග වලින් 04කට පමණක් අමෙරිකාවේ සංචාරය කිරීමේ අවසරය හිමිවනු ඇති.

ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා, ෆයිසර් සහ සිනොෆ්‍රෑම් එක්සත් ජනපදයට යන විට අනුමත කරන ලද එන්නත් අතර වේ.

රුසියාවේ ස්පුට්නික් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති හෙයින් එම එන්නතට අමෙරිකාවෙන් ද අවසරය් හිමිවී නෑ.

කෙසේ වෙතත්, මෙම එන්නත හදිසි භාවිතා කිරීම සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසර ලබා දෙනු ඇතැයි රුසියානු බලධාරීන් බලාපොරොත්තුවෙන් සිටියි.

මේ වන විටත් ලංකාවේ 160,000 කට ආසන්න පිරිසකට ස්පුට්නික් එන්නත ලබා දී තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28