අමෙරිකානු භූ කම්පන විද්‍යාඥයෙක්ට චීනයෙන් ඔත්තු බැලීමේ චෝදනා

උතුරු කොරියාව විසින් සිදුකරනු ලබන රහසිගත භූගත න්‍යෂ්ටික පරීක්ෂණ හඳුනාගැනීම සහ විශ්ලේෂණය කිරීම පිළිබඳව අමෙරිකානු රජයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ පර්යේෂණ පත්‍රිකා ප්‍රකාශයට පත් කළ, චීන සම්භවයක් සහිත ඇමරිකානු ජාතික ප්‍රමුඛ පෙළේ භූ කම්පන විද්‍යාඥයෙක් වන යූලින් චෙන් නැමැත්තා වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ චීන ආරක්ෂක අංශ භාරයේ රඳවා තබාගෙන සිටින බව රොයිටර් පුවත් සේවය ප්‍රථම වතාවට නිල වශයෙන් හෙළිදරව් කර තිබෙනවා.

54 හැවිරිදි වියේ පසුවන, ඇමරිකාවේ බොස්ටන්හි පදිංචි Dr. යූලින් චෙන්ට එරෙහිව චීන රජය විසින් මේ වන විට “ඔත්තු බැලීමේ” බරපතළ චෝදනා එල්ල කර ඇති අතර, ඔහුට එරෙහිව සංවෘත මට්ටමින් නඩු විභාගයක් පැවැත්වීමට බෙයිජිං පාලනය සූදානම් වෙමින් පවතිනවා.

චීනය තුළ ඔත්තු බැලීමේ චෝදනාවලට වරදකරුවන් වන අයට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෝ මරණ දණ්ඩනය පවා පැනවීමේ හැකියාව පවතින බැවින්, මෙම සිදුවීම ඇමරිකාව සහ චීනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් දැඩි ලෙස නොසන්සුන් කිරීමට හේතුවී තිබෙනවා.

විද්‍යාඥ යූලින් චෙන්ගේ බිරිඳ වන යුෆැන්ග් රොන්ග්, ඇමරිකානු මන්ත්‍රීවරුන් සහ ප්‍රාණඇපකරුවන් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධාන හෙළි කරන තොරතුරුවලට අනුව, ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ 2024 නොවැම්බර් 5 වැනිදා බෙයිජිං ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීය. චීනයේ විශ්වවිද්‍යාල දෙකක දේශන පැවැත්වීමෙන් සහ සිය පවුලේ සාමාජිකයන් බැලීමට ගොස් නැවත බොස්ටන් බලා පැමිණීමට සූදානම් වීමේදී චීන රාජ්‍ය ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, අමෙරිකානු ජාතික ආරක්ෂක අංශ සහ උපදේශකයන් පෙන්වා දෙන්නේ යූලින් චෙන් කිසි දිනෙක ඇමරිකානු රජයේ රහසිගත තොරතුරුවලට ප්‍රවේශය ලැබූ අයෙකු නොවන අතර, ඔහුගේ පර්යේෂණ සියල්ලම චීන විද්වතුන් සමඟ ඒකාබද්ධව, අන්තර්ජාලයේ ප්‍රසිද්ධියේ පවතින දත්ත ඇසුරින් සිදුකළ ඒවා බවයි.

චීනය විසින් ඔහුව මෙලෙස සිරකර තබාගෙන ඇත්තේ, භූගත න්‍යෂ්ටික ආයුධ පරීක්ෂණ රහසිගතව සිදුකිරීමේ තාක්ෂණය දියුණු කරගැනීම සඳහා ඔහුගේ සුවිශේෂී දැනුම බලහත්කාරයෙන් ලබාගැනීමේ අරමුණින් විය හැකි බවට ද සැක කෙරෙනවා.

පසුගිය මැයි මාසයේදී චීනයේ සංචාරයක නිරත වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින්ග් සමඟ පැවැති සාකච්ඡාවලදී ද මෙම විද්‍යාඥයා නිදහස් කිරීම පිළිබඳව සෘජුවම කරුණු මතු කර ඇති අතර, එහිදී ෂී ජින්පින්ග් ඒ පිළිබඳව සොයා බැලීමට පොරොන්දු වුවද චීන පාර්ශවයෙන් මෙතෙක් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57