අමෙරිකානු ප්‍රහාරවලට ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කරන්න බැරි වුණා – බුද්ධි අංශ

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීමට අමෙරිකාව එල්ල කරන ලද ප්‍රහාර අසාර්ථක වූ බව බුද්ධි අංශ වාර්තා කරනවා.

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ, ඉරානය සතුව පවතින න්‍යෂ්ටික ශක්තිය හෝ හැකියාව අමෙරිකානු ගුවන් ප්‍රහාර හමුවේ විනාශ කළ නොහැකි බවට බුද්ධි අංශ තහවුරු කර ඇති බවයි.

එය කෙටි පසුබෑමක් පමණක් බවත් අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් පසුව අස්ථාවර වූ සටන් විරාමයක් ද ඉරානය හා ඊශ්‍රායලය අතර හටගෙන ඇති බව ද බුද්ධි අංශ පවසනවා.

ඊයේ (24) ට්‍රම්ප් මැදපෙරදිග සටන් විරාමයක් ක්‍රියාත්මක බවට නිවේදනය කළ ද, ඉරානය එය නොතකමින් එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් සහ ඉන්පසුව ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රතිප්‍රහාර හේතුවෙන් ට්‍රම්ප්ගේ දැඩි දෝෂදර්ශනයට දෙපාර්ශ්වය ම ලක් වුණා.

කෙසේ නමුත් මේ වනවිට ඊශ්‍රායලය හා ඉරානය යන දෙපාර්ශ්වය ම සටන් විරාමයක් ඇති කරගෙන තිබෙන බවටයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.

මේ අතර ඉන්දියාව විසින් තම කනස්සල්ල නැවත පළ කර සිටිනවා.

ඒ කලාපීය අස්ථාවරත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින්.

කෙසේවෙතත් ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය සාදරයෙන් පිළිගන්නා බව ද ඉන්දියාව නිවේදනය කර තිබෙනවා.

සටන් විරාමය ආරම්භ වී ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබෙනවා.

පසුව, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක රැයකින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාම යෝජනාවකට තම රට එකඟ වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
අගමැතිතුමිය ඉස්සරහා නිලධාරීන්ට කට උත්තර නැතිවෙයි
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40