අමෙරිකානු ජනපතිගෙන් ‘සමාජ සේවා රන්’ සම්මානය දිනූ ලාංකික පොඩ්ඩා (ඡායාරූප)

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගෙන් සමාජ සේවා රන් සම්මානය දිනූ පළමු ශ්‍රී ලාංකික දරුවා ඊයේ (02) රාත්‍රියේ දී මෙරටට කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණ තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ; මෙම දරුවා 11 වියැති වොරන්ට් සනුහක් පින්නවලගේ නමැති මෙරටින් අමෙරිකාවේ පදිංචියට ගොස් සිටින අයෙක් බවයි.

මෙම දරුවා ඊයේ රාත්‍රියේ දී දිවයිනට පැමිණ ඇත්තේ මෙරට වෙසෙන අඩු ආදායම්ලාභී දරුවන්ට අවශ්‍ය උපකරණ ලබා දීමට බවත් වාර්තා වනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50ක තරගකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම සමාජ සේවා රන් සම්මාන උලෙළ පැවැත්වුණු අතර; එම රන් පදක්කම හිමි වූ පළමු ලාංකිකයා ද වන්නේ සනුහක් නමැති දරුවා යි.

සනුහක් තමන්ට එම උත්සවයෙන් ලැබුණු විශාල මූල්‍ය ප්‍රමාණය ද රැගෙන ඊයේ මෙරටට පැමිණ ඇත්තේ එම සියලු මුදල් අසරණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට බවත් වාර්තා වනවා.

ලොව මෙතෙක් පැවති යුද වාතාවරණවල දී මෙම දරුවා සිය මුදලින් විවිධ රටවල දරුවන්ට ඔවුන්ගේ සුබ සිද්ධිය උදෙසා කටයුතු කිරීම හේතුවෙන් බයිඩ්න් ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් ව තිබෙනවා.

සනුහක් පින්නවලගේ ගේ දරුවන් අමෙරිකාවේ වෛද්‍යවරුන් දෙපළක් වන බව ද සඳහන්.

මෙම උතුම් සත්කාරය සඳහා සිය පියා සමග සනුහක් දරුවා ඊයේ රාත්‍රී 08.30 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඔහු පිළිගැනීමට හිතවතුන් සහ ඥාතීන් ගුවන්තොටුපොළට එක් ව සිටි බවත් වාර්තා වනවා.

WhatsApp Image 2024 07 03 at 08.31.18
WhatsApp Image 2024 07 03 at 08.31.17 1
WhatsApp Image 2024 07 03 at 08.31.16 1
WhatsApp Image 2024 07 03 at 08.31.14
WhatsApp Image 2024 07 03 at 08.31.14


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43