spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපේ පොලිසියට ස්කොට්ලන්ත පොලිසිය දුන් පුහුණුව නවතා දමයි

වසර ගණනාවක් සිට මෙරට පොලිසියට ස්කොට්ලන්ත පොලිසිය විසින් ලබා දුන් පුහුණුව නවතා දමන්නට ස්කොට්ලන්ත පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව බී.බී.සී ලෝක සේවය වාර්තා කරනවා.

ඔවුන් මෙයට හේතුව ලෙස පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ දිගින් දිගට ම සිදු වන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිදුවීම්.

ස්කොට්ලන්ත පොලීසිය ශ්‍රී ලංකාවට ලබාදෙන පුහුණුව සම්බන්ධයෙන් අලුත් කරගත යුතු පොරොන්දු ගිවිසුම පසුගිය මාර්තු මාසයේ දී කල් ඉකුත් වූ අතර, එය තවදුරටත් දීර්ඝ කිරීමට අදහස් නො කරන බවයි ස්කොට්ලන්ත පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානී “ඉයන් ලිවින්ග්ස්ටන්” පවසන්නේ.

තව දුරටත් අදහස් දැක්වූ ස්කොට්ලන්ත පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම යෝජනා ක්‍රමය අලුත් නො කරන බවට උපදෙස් දෙන ලෙස කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයට ද ලිඛිත ව දැනුම් දී ඇති බවයි.

2021 වසරේ පළමු භාගයේ සිට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය අඛණ්ඩ ව පිරිහෙමින් පවතින බව මෑත කාලීන ස්කොට්ලන්ත විදේශ කාර්යාල වාර්තාවක සඳහන් වී තිබුණා.

එහි සඳහන් ව තිබුණේ, ආරක්ෂක අංශ විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම් ගණනාවක් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කරමින් ඔවුන් බිය ගැන්වීම් වැඩි කර ඇති බව එහි සඳහන් වනවා.

මේ සම්බන්දයෙන් බීබීසීය සිදු කළ විමසීමක දී ස්කොට්ලන්ත පොලිස් දෙපාර්තමේන්තු ප්‍රධානී ඉයන් ලිවින්ග්ස්ටන් “අපි ඇත්ත වශයෙන්ම ලොව පුරා පොලිස් සේවාවන්හි ජාත්‍යන්තර සංවර්ධනයට සහාය වීමට කැපවී සිටිමු, එවිට අපට මානව හිමිකම් වැඩි දියුණු කිරීමට සහ සක්‍රීය කිරීමට හැකි වන අතර ස්කොට්ලන්තයේ අඛණ්ඩතා ව, සාධාරණත්වය සහ ගෞරවය පිළිබඳ අප අගය කරන වටිනාකම් අවධාරණය කළ හැකිය යනුවෙන් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?