Fly high Get bonus Aviator Phone

අපරාධකරුවන්ට සුබ ආරංචියක්

පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වන විට අමුතුම ආකාරයේ ඒකකයක් හඳුන්වා දී තිබේ.

හොරුන් සහ විවිධ ජාවාරම්කරුවන් ගංගාවලට පැන නීතියේ රැහැනින් පලායෑම වළක්වා ගැනීම මෙම ඒකකයේ රාජකාරිය වේ.

මෙම නව ඒකකය හඳුන්වන්නේ දිය මත විශේෂ මෙහෙයුම් ඒකකය (Special water borne operations syudren) නමිනි.

වැලි ජාවාරම්කරුවන්, කඩොලාන ආශ්‍රිත කසිප්පු පෙරන්නන්, මැණික් ජාවාරම්කරුවන්, ගංගා දිගේ හොරබඩු ගෙන යන්නන් පොලිස් වැටලීම් වලදී බොහෝ විට ගංගාවලට පැන බේරී පළා යෑම පිළිබඳ පුවත් සුලභව අසන්නට ලැබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය හඳුන්වාදුන් මෙම නව ඒකකයේ වගකීම එසේ පලා යන්නන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණ වීමය.

16 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම නව විශේෂ ඒකකයට පුහුණුව ලබාදී තිබෙන්නේ බොල්ගොඩ ගඟ ආශ්‍රිතවය.

මෙම නව ඒකකය බිහිවීමේ කතාවද අපූරු එකකි.

වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා එම අමාත්‍ය ධුරය භාරගැනීමෙන් පසු විශේෂ කාර්ය බලකායට අවශ්‍ය මොනවාදැයි එහි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගෙන් විමසා තිබේ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය මුල්වී ජල මූලාශ්‍ර රැකීම සඳහා වූ සැලසුමක් ඔහු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද අතර ඊට අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ.

නව ඒකකයේ  පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සංගමයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ආයතනයේ සහායද ලැබී තිබේ.

දැනට සීමිත සම්පත් ප්‍රමාණයක් තුළ තෝරාගත් ප්‍රදේශ කිහිපයක පමණක් මෙහෙයුම් කරන මෙම නව ඒකකය ඉදිරියේදී රටම ආවරණය වන පරිදි පුළුල් කිරීමට බලාපොරොත්තු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෆන් එක ඔයාලා ගන්න හැබැයි පරිස්සමින්
01:08
Video thumbnail
මෙරට අලි - ඇතුන් ඝා#නය කිරීමට එරෙහිව මහජන පෙත්සමක්
02:33
Video thumbnail
‍රංජිත් මද්දුමබණ්ඩාරට යකා ආවේශ වෙයි - ඇයි අපේ සාකච්ඡා කඩාකප්පල් කරන්නද හදන්නේ
01:43
Video thumbnail
දුම්රිය ස්ථානාධිපතිවරු බ්‍රහස්පතින්දා සිට අඛණ්ඩ වර්ජනයක ?
01:14
Video thumbnail
චන්නගෙන් ආණ්ඩුවට සැර සද්දයක්
07:25
Video thumbnail
විජයග්‍රහණයෙන් 16 වසරකට පසු නන්දිකඩාල් රහස් හෙළිකරගත් ගමන | නන්දිකඩාල් - Diaries |
34:19
Video thumbnail
ගමේ ජන ජීවිතය ගොඩනැගීමට සුසන්තගෙන් සැලසුමක්
03:19
Video thumbnail
BREAKING NEWS - ආරක්ෂාව දැඩි කරයි - තුසිත හල්ඔලුව ජාතික රෝහලට
02:30
Video thumbnail
අනුරට, සජිත්ට,නාමල්ට කනේ ඇගිලි ගහගන්න වනවාසී රාහුල හිමි කියපු බණ
05:03
Video thumbnail
ගැටළු වලට විසඳුම් දෙද්දිත් වර්ජන කරන්නේ වෙන අරමුණක් හිතේ තියාගෙන
12:23

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?