අපරාධකරුවන්ට සුබ ආරංචියක්

පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වන විට අමුතුම ආකාරයේ ඒකකයක් හඳුන්වා දී තිබේ.

හොරුන් සහ විවිධ ජාවාරම්කරුවන් ගංගාවලට පැන නීතියේ රැහැනින් පලායෑම වළක්වා ගැනීම මෙම ඒකකයේ රාජකාරිය වේ.

මෙම නව ඒකකය හඳුන්වන්නේ දිය මත විශේෂ මෙහෙයුම් ඒකකය (Special water borne operations syudren) නමිනි.

වැලි ජාවාරම්කරුවන්, කඩොලාන ආශ්‍රිත කසිප්පු පෙරන්නන්, මැණික් ජාවාරම්කරුවන්, ගංගා දිගේ හොරබඩු ගෙන යන්නන් පොලිස් වැටලීම් වලදී බොහෝ විට ගංගාවලට පැන බේරී පළා යෑම පිළිබඳ පුවත් සුලභව අසන්නට ලැබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය හඳුන්වාදුන් මෙම නව ඒකකයේ වගකීම එසේ පලා යන්නන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණ වීමය.

16 දෙනෙකුගෙන් ආරම්භ කරන ලද මෙම නව විශේෂ ඒකකයට පුහුණුව ලබාදී තිබෙන්නේ බොල්ගොඩ ගඟ ආශ්‍රිතවය.

මෙම නව ඒකකය බිහිවීමේ කතාවද අපූරු එකකි.

වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා එම අමාත්‍ය ධුරය භාරගැනීමෙන් පසු විශේෂ කාර්ය බලකායට අවශ්‍ය මොනවාදැයි එහි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගෙන් විමසා තිබේ.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය මුල්වී ජල මූලාශ්‍ර රැකීම සඳහා වූ සැලසුමක් ඔහු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලද අතර ඊට අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබේ.

නව ඒකකයේ  පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා මෝටර් බෝට්ටු සංගමයේ මෙන්ම එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ ආයතනයේ සහායද ලැබී තිබේ.

දැනට සීමිත සම්පත් ප්‍රමාණයක් තුළ තෝරාගත් ප්‍රදේශ කිහිපයක පමණක් මෙහෙයුම් කරන මෙම නව ඒකකය ඉදිරියේදී රටම ආවරණය වන පරිදි පුළුල් කිරීමට බලාපොරොත්තු වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14