අනුර දිවුරුම් දෙන මොහොතේ දිවයිනේ ම කිරිබත් පිසෙයි – රුක් රෝපණය කිරීමේ වැඩසටහනකුත්

නව විධායක ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමත් සමග දිවයින පුරා එම ජයග්‍රහණය ජනතාව සතුටින් යුතුව සමරන ආකාරය දක්නට ලැබුණා.

බොහෝ ප්‍රදේශවල එම සතුට සැමරීමට කිරිබත්, කැවුම් පිළියෙල වුණු අතර; තවත් ප්‍රදේශවලින් විවිධ වැඩසටහන් ද සංවිධානය කර තිබුණේ සාමකාමී අයුරින් බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරුවන් පැවසුවේ.

විධායක ජනාධිපති වශයෙන් අද (23) පෙරවරු 10ට අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමත් සමගම කළුතර වස්කඩුව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය නායක අරුණ ප්‍රසාද්ගේ නිවසේ එම සතුට සැමරීම සඳහා පාක්ෂිකයින් සහ ගම්වාසීන් විශාල ප්‍රමාණයක් එක්ව සිටින අයුරු දැකගන්නට ලැබුණා.

අනුර කුමාර දිසානායක මහතා ජාතිය ඇමතීමෙන් අනතුරුව රතිඤ්ඤා දල්වා කිරිබත් අනුභව කිරීමටයි එම කළුතර ගම්වැසියන් කටයුතු කළේ.

එමෙන්ම මේ ආකාරයෙන් මාර්ග දෙපසවල ද කිරිබත් පිසීමේ කටයුතු සිදු කෙරී තිබෙනවා.

ඒ අතර අනුරාධපුරය, නාවලපිටිය, පොළොන්නරුව ප්‍රධානයි.

නව ජනපති දිවුරුම් දුන් සුබ මොහොතේ මෙම ප්‍රදේශවල ජනතාව කිරි උතුරුවා සෙත් පිරිත් දේශනා කිරීමට ද භික්ෂූන් වහන්සේලා කැඳවා තිබුණා.

නව ජනාධිපතිවරයා පත් වීම නිමිත්තෙන් කඩුගන්නාව – ලගමුව ප්‍රදේශයේ ගම්වාසීන් විසින් ද සංඝයා වහන්සේලා වැඩම කරවා විශේෂ පිංකමක් සංවිධානය කර තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මීට අමතර ව හන්තාන අඩවියේ ඔගස්ටා වත්ත ග්‍රාමීය ජනතාව නව ජනාධිපතිවරයා දිවුරුම් දෙන මොහොතේ රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ද පැවැත්වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15