spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනුරාධපුර පාසැල් සුරැකීමේ සංවිධානයෙන් චෝදනාවක් (වීඩියෝ)

සංවිධානාත්මක මත් පෙති හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසැල් දැරියන් දැඩි අනාරක්ෂිතභාවයකට පත්ව ඇති බව අප පසුගියදා වාර්තා කළා.

එහිදී ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසූවේ මත් පෙති සහ මත් ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා ගැහැණු දරුවන් විසින් පිරිමි දරුවන්ට තම අවයව ස්පර්ශ කිරීමට ඉඩදී මුදල් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

කෙසේ වෙතත් අද අනුරාධපුර දිස්ත්‍රික් පාසැල් සුරැකීමේ සංවිධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදාළ ප්‍රකාශය හරහා ප්‍රදේශයේ දැරියන්ට අගතියක් සිදු වූ බව පවසමින් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාට චෝදනා කළා.

මත් පෙති හා මත්ද්‍රව්‍ය ලබා ගැනීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් පාසැල් සිසුවියන් විසින්, පාසල තුලදීම පිරිමි දරුවන්ට තම ලිංගික අවයව ස්පර්ශ කිරීමට ඉඩදී මුදල් සොයා ගැනීමට පෙළඹී සිටින බවට ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පසුගිය දා ප්‍රකාශ කළා.

මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අනුරාධපුර දිස්ත්‍රික් පාසැල් සුරැකීමේ සංවිධානය පවසන්නේ මේ සඳහා සාක්ෂි තිබේනම් ඒවා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත භාරදීමට කටයුතු කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?