අනුරපුර රෝහලේ වර්ජනය අවසන් – ආරක්ෂාව තර කෙරේ (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අඛණ්ඩව තෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් තිබූ වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

පසුගිය 10 වැනි දින පස්වරු 6.30ත් 7ත් අතර කාලයේ දී විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණු වෙමින් සිටි 32 හැවිරිදි වියෙහි පසුවන වෛද්‍යවරියකට අකටයුතුකම් කළ සිදුවීමට විරෝධය පාමින් සහ රෝහලේ සේවය කරන සියලු ම කාන්තා වෘත්තිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසට ඉල්ලමිනුයි මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වූයේ.

වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර හැරුණුකොට සාමාන්‍ය ප්‍රතිකාර අංශවල සේවා කටයුතු අඩපණ වුණා.

මෙවන් තත්ත්වයක් හමුවේ ඊයේ (12) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද අනුරාධපුර රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු පරිපාලන නිලධාරීන් සමග ද සාකච්ඡා කිරීමටත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවල ප්‍රගතිය බැලීමටත් පැමිණියා.

මින් ඉදිරිය සියලුම වෛද්‍ය වෘත්තිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වූ විශේෂ වාර්තාවක් සකස් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

කෙසේවෙතත් මෙම වැඩ වර්ජනය අද පෙරවරුවේ දීප ව්‍යාප්ත ව මීට සමගාමී ව පැවති රෝහල් වර්ජනය ද අවසන් වුව ද අවසන් වූයේ නැහැ.

ඒ සිය රෝහලේ වෘත්තික කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කරන බවට රජයට දන්වමින්.

ඉන් අනතුරුව අද බලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව රෝහල් අවට දැඩි ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කිරීමත් සමග වර්ජනය අත්හැර දැමුණා.

  1. හැමෝම try කරන්නේ වාසි ගන්න. අහිංසක ලෙඩ්ඩු මේවට පලි නැනේ. දවස් 3 ක් කී දෙනෙක් අසරණ වෙන්න ඇතිද බෙහෙත් නැතිව. මේ අය හිත ගෙන ඉන්නේ strike කල නිසා රජය ඒ ගැන බැලුව කියලද. මුන්ට පිස්සු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51