යම් කිසි තැනැත්තෙකු ආරක්ෂිත හිස් වැසුම් පැළඳ පොදු ස්ථානවල සැක සහිත ලෙස හැසිරෙන්නේ නම්, එම පුද්ගලයින් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසියට අවසර හිමි ව තිබෙනවා.
අද (24) පෙරවරුවේ මෙම අවසරය ලබා දීම පිළිබඳ ව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන පරිදි එලෙස අවසරයක් ලබා දී ඇත්තේ මීට පෙර දිවයිනේ සිදු වූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසක් ම සිදු කිරීමට ආ සැකකරුවන් හිස හා මුහුණ සම්පූර්ණයෙන් ම ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ අදාළ වෙඩි තැබීම් හා අපරාධ සිදු කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බවයි.
හිස් වැසුම් පැළඳ සිටීම සිදු කළ යුත්තේ කිසිවෙකු යතුරුපැදියක ගමන් කරමින් සිටියදී පැදිකරුගේ හා පසුපැදිකරුගේ ාඅරක්ෂාව සඳහා පමණක් බවත් පොලිසිය සඳහන් කරනවා.
එබැවින් යම් පුද්ගලයෙකු යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවක දී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැක කටයුතු ලෙස හැසිරෙන බව නිරීක්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරීක්ෂා කිරීම සිදු කළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.