අධික වැසි නිසා දිස්ත්‍රික්ක 11කට බලපෑම් – 08 දෙනෙකුට ජීවිත අහිමිවෙයි

පවතින අධික වැසි හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 11ක් මේ වනවිට බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මහනුවර, නුවරඑළිය, කෑගල්ල, මාතලේ, මාතර, රත්නපුර, ත්‍රිකුණාමලය, හම්බන්තොට, ගාල්ල, පුත්තලම සහ අනුරාධපුර එලෙස බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක වනවා.

මෙහිදී පවුල් 4,151කට අයත් පුද්ගලයින් 16,345 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත් වය හේතුවෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 08 දෙනෙකුට මේ වනවිට ජීවිත අහිමිවී තිබෙනවා.

එමෙන්ම නිවස 581කට අර්ධ හානි සිදුව ඇති අතර, එක නිවසක් සම්පූර්ණයෙන් හානියට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවල දැක්වෙන්නේ.

මේ අතර අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ පවුල් 682ක පුද්ගලයින් 2,504 දෙනෙක් සුරක්ෂිත මධ්‍යස්ථාන 43ක මේ වනවිට රඳවා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51
Video thumbnail
22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජපක්ෂලාගේ නඩු විතරයි ඇහෙන්නේ ?බලය අත හැරුණොත් පරිප්පුව කන්න වෙනවා.
04:56
Video thumbnail
විධායකය විසින් අධිකරණය තමන්ට රුචි පරිදි පවත්වාගෙන යන්න යන්නේ ? චූන් වෙන්න එපා
05:45
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ? බන්ධනාගාරයට ආරක්ෂාව සපයන අයුරු පෙරහුරුවක් කරයි
01:37
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ
00:50
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු
01:13