අධිකරණ සිර මැදිරියට කුඩු පැකට්ටුවක් විසිකළ සැකකරුවෙකුට ලැබුණු දඬුවම

ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියට අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කවරයක් විසි කළ සැකකරුවෙකුට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා මාස හයක සිර දඬුවමක් නියම කළා.

අදාළ සැකකරුට එරෙහිව පවරා තිබූ නඩු කටයුත්තකට පෙනී සිටීම සඳහා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට එම විත්තිකරු පැමිණ තිබුණු අතර සැකකරුගේ එම ක්‍රියාව විනිසුරු අසුනේ සිටි අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙන්ම විවෘත අධිකරණය හමුවේ රාජකාරියේ නිරතව සිටි අධිකරණය භාර පොලිස් නිලධාරියා ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරීන්ද දැක තිබුණු අතර එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ අධිකරණ පොලිස් නිලධාරී එකී මත්ද්‍රව්‍ය අඩංගු කවරය සිය භාරයට ගෙන තිබුණා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සැකකරුට වෙන් වෙන්ව නඩු පැවරූ අතර එම චෝදනාවලට වරදකරු කරමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මාස තුනක සිර දඬුවමක්ද අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට බරපතළ වැඩ සහිත මාස තුනක සිර දඬුවම්ක්ද වන පරිදි මාස 6 ක සිර දඬුවමක් අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17