ඩිජිටල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ නවීන තාක්ෂණය අධ්‍යාපනය සමඟ බද්ධ කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවක් පසුගිය 06 වැනිදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී (SLIDA) පැවැත්වුණා.
ඉන්දියානු රජයේ පාසල් අධ්‍යාපන හා සාක්ෂරතා දෙපාර්තමේන්තුවේ හිටපු ලේකම් සංජේ කුමාර්ගේ විශේෂ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්නගේ සම සභාපතිත්වයෙන් පවත්වා තිබෙනවා.
ඩිජිටල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේදී ලබාගත් අත්දැකීම්, ප්‍රායෝගික ක්‍රමවේද සහ දැනුම හුවමාරු කරගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වුණා.
එහිදී ඩිජිටල් අධ්‍යාපනය තුළ සමතාව තහවුරු කිරීම, අධ්‍යාපනය උදෙසා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) භාවිතය, පවතින අභියෝග හා බාධක හඳුනාගෙන විසඳුම් සෙවීම සහ උසස් තත්ත්වයේ අධ්‍යාපනික අන්තර්ගතයන් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.
ඊට අමතරව සාම්ප්‍රදායික හා ඩිජිටල් ක්‍රමවේද සංකලනය , අධ්‍යාපන ක්‍රියාවලියට කෘත්‍රිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, ගුරුවරුන්ගේ ඩිජිටල් කුසලතා සහ හැකියාවන් වර්ධනය කිරීම මෙන්ම සියලු පාර්ශ්‍රවකරුවන්ගේ සහභාගීත්වයෙන් යුත් ශක්තිමත් අධ්‍යාපනික පද්ධතියක් නිර්මාණය කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය (SLIDA) එක්ව සංවිධානය කර තිබුණා.
මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ ආචාර්‍ය උපදේශක හාන්ස් විජයසූරිය, ඩිජිටල් ආර්ථික අමාතයංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ උපදේශක (ආර්ථික හා වාණිජ) දේවිකා ලාල්, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) අධ්‍යක්ෂ ජනරාල් විමුක්ති ජනාදර, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පෞද්ගලික අංශයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්ව සිටයා .













