අද රාත්‍රියේ කොළඹ නගරය ආශ්‍රිතව විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළා.
හදිසි අවශ්‍යතාවයකදී කැඳවීම සඳහා පොලිස් විශේෂ කාර්ය නිලධාරීන්ද යොදවා ඇති බවයි නිහාල් තල්දුව මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදු කරන සැමරුම් හේතුවෙන් ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් අද පස්වරු 05 සිට මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව කොළඹ ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනය අද රාත්‍රී එක් දිශාවකට පමණක් සීමා කෙරෙන බව ද සඳහන්.
ඊට සමගාමීව කොළඹ නගරය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.
මේ අතර අද (31) රාත්‍රියේදී ගාලු මුවදොර ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා ප්‍රකාශ කළා.
මේ හේතුවෙන් අද පස්වරුවේ සිට ඒ ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.