අද (31) කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්

අද රාත්‍රියේ කොළඹ නගරය ආශ්‍රිතව විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

හදිසි අවශ්‍යතාවයකදී කැඳවීම සඳහා පොලිස් විශේෂ කාර්ය නිලධාරීන්ද යොදවා ඇති බවයි නිහාල් තල්දුව මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදු කරන සැමරුම් හේතුවෙන් ඇතිවිය හැකි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් අද පස්වරු 05 සිට මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව කොළඹ ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනය අද රාත්‍රී එක් දිශාවකට පමණක් සීමා කෙරෙන බව ද සඳහන්.

ඊට සමගාමීව කොළඹ නගරය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.

මේ අතර අද (31) රාත්‍රියේදී ගාලු මුවදොර ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් අද පස්වරුවේ සිට ඒ ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02