අද සිදු වූ රිය අනතුරකින් දස දෙනෙක් රෝහල් ගත කෙරේ

ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ සහ බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් දස දෙනෙකු තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල හේතුවෙන් තුවාලකරුවන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

(18) දින පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේදිය.

ගම්පහ සිට වෑන් රථයකින් ශ්‍රි පාදයේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් ශ්‍රි පාදය වන්දනා කර ආපසු වෑන් රථය ගම්පහ දක්වා ධාවනය කරමින් සිටියදි මාතර සිට ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් රැගෙන නල්ලතන්නිය දක්වා ධාවනය වු බස් රථයක ගැටිමෙන් මෙම අනතුර සිදු වි තිබේ.

වෑන් රථය ඉදිරියෙන් ධාවනය වු ලොරි රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයේ වෑන් රථය ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් වෑන් රථයට සහ බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11
Video thumbnail
මිනිස්සු පරණ පුරුද්දෙන් ගලවන්න අමාරුයි..ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි - ප්‍රතිවිරෝධයක් ඇතිවෙනවා
04:11
Video thumbnail
"කොස් මල්ලි"ගේ මස්සිනා "භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:43
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23