ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ සහ බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් දස දෙනෙකු තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල හේතුවෙන් තුවාලකරුවන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.
(18) දින පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේදිය.
ගම්පහ සිට වෑන් රථයකින් ශ්‍රි පාදයේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් ශ්‍රි පාදය වන්දනා කර ආපසු වෑන් රථය ගම්පහ දක්වා ධාවනය කරමින් සිටියදි මාතර සිට ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසක් රැගෙන නල්ලතන්නිය දක්වා ධාවනය වු බස් රථයක ගැටිමෙන් මෙම අනතුර සිදු වි තිබේ.
වෑන් රථය ඉදිරියෙන් ධාවනය වු ලොරි රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයේ වෑන් රථය ගැටි මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් වෑන් රථයට සහ බස් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.