අද මට වෙච්ච දේ හෙට ඔයාට වෙන්න පුළුවන්” – තරුණයෙකු මුහුණදුන් අමානුෂික අත්දැකීම පිළිබද FB සටහන

ඊයේ දිනයෙදී  FB සමාජ මාධ්‍ය ජලය හරහා සටහනක් තබමින් තමන්ට විදින්නට සිදුවූ අමිහිරි අත්දැකීමක් පිලිබදව මෙලෙස සටහනක් තබා තිබුනා. සාක්ෂි වශයෙන් ඔහු ඡයාරූප කිහිපයක් ද පල කොට තිබුන  “රෑක කවුරුවත් නැති අතුරු පාරවල් වල යන්න එපා. මම මේකට හොදම උදාහාරණය ඊයේ රෑ අත්වින්දා. ඊයේ හවස වේලාසනින් ඕෆ් වෙලා අම්මට ඉංග්‍රීසී බෙහෙත් අල්ලන්නේ නැති නිසා සිංහල බෙහෙත් ගන්න මම අම්ම එක්ක දැරණියගල ආව. ඒ පාරවල් ගොඩක් සංකීර්ණ නිසා අම්මට වෙදකම් කරන වෙද මහත්තගේ වාහනේ එව්වා අවිස්සාවේල්ලට අපිව ගන්න. අම්මගේ බෙහෙත් වැඩ ඉවර කරලා ආයේ ගෙදර එන්න හැදුවෙත් ඒ වෙද මහත්තයගේම වාහනේක. මොකද කීප දෙනෙක්ට බෙහෙත් කරපු නිසා ගොඩක් රෑ උනා එතනින් එන්න. අපි බෙහෙත් ගන්න වෙද මහත්තයගේ හිතවතෙකුගේ ත්‍රීවීල් එකකුත් අපිත් එක්කම ආවා. ඔක්කොම එක්ක එන්න ගත්තම පාලු පාරක් නිසා මන් අම්මව කාර් එකට දාල ත්‍රී වීල් එකේ අයියා තනියම නිසා මන් වීල් එකට නැග්ගා. අම්මට බෙහෙත් කරපු ගෙදර ඉඳන් කිලෝමීටර් එකක් එන්න උනේ නෑ පාර කොටයක් දාල හරස් කරල තිබුනා. යනකොට තිබ්බෙ නැති එකක් නිසා මන් වීල් එකෙන් බැස්සා කාර් එකේ ගිය අනෙක් අයත් බහිනව එක්කම කැලේ ඇතුලෙන් ආපු කොල්ලො පස් හයදෙනෙක් අපිට පොලු අරන් ගහන්න ගත්තා. මුන් මගේ අම්මා ඉන්න පැත්තෙ වීදුරුව කඩනව එක්කම මන් ගිහින් හරස් උනා. ඒ පොලු පාරවල් වැදිලා මගේ වම් අත තාම පන නෑ. අපේ අම්මගෙ අත ඒ වෙද්දිත් මුන් කඩල. ආපු අනෙක් අයට බිම දාගෙන පොලු වලින් ගහනව. අම්ම වේදනාවට කෑගහන නිසා මන් අම්මව උස්සන් කැලේට දාල කොල වලින් වැහුවා. ඒත් අම්ම කෑගහන නිසා කටත් වැහුවා. මොකද උන් තාම ආපු අය හොයනව. අපි ඔහොම පැයක් වගේ හැංගිලා හිටියා. අපි හිතුවෙ අනෙක් අය ඉවරයි කියල. උන් සැරින් සැරේ ඇවිල්ලා හෙව්වා. මන් අම්මට කීව අම්මෙ මුන් මෙතනටත් ආවොත් මන් ඔයාව අරන් පල්ලමට පනිනව කියල. ඒත් උන්ට හොයාගන්න බැරි උනා. මට කරන්න කිසි දෙයක් නෑ මන් නොදන්න පාරක් නොදන්න ගමක්. එලිවෙන්න පැය පහක් තියේ. මන් අම්මට කීවෙ බැරිම තැන එලි වෙනකම් මෙහෙම ඉමු කියල ඒත් අම්මගෙ අත කැඩිල නිසා එයාට අමාරුයි. ඕනි දෙයක් වෙද්දාවෙ කියල අම්මගෙ වේදනාව ඉවසන්න බැරි නිසා ෆෝන් එක ඔන් කරල 119 ගැහුවා, තාත්තට, මාමලට ඔක්කොම කීවා ඒත් මට ඉන්න තැන කියාගන්න බෑ. ඊට පස්සෙ මන් දැරණියගල පොලිසියෙ නම්බරෙ බලල එයාලට මන් ඉන්න තැන කීවෙ Google Maps වලින්. ඒ කරල මන් 1990 Ambulance එකටත් කතා කලා. ටික වෙලාවකින් ඔක්කොම ආව.

අම්මයි මායි කැලෙන් උස්සන් ආව. එවලෙ මගේ පපුවට පාරක් වැදුන නිසා හුස්ම ගන්න බැරිව අමාරුවෙන් හිටියෙ. ඔක්කොට ලොකු තුවාල මට Hospital යන්න ඕනි උනේ නෑ ඒත් මට ඕනි උනා මේ ගහපු බල්ලන්ව හොයන්න. මුන් මට ඉස්සෙල්ලම ගහන්න පැන්න නිසා මට එකෙක් හොඳටම මතකයි. මොකද මූ අපි බෙහෙත් ගත්ත තැන ගෙදර ඉස්සරහට ඇවිල්ලා ත්‍රීවීල් එක රේස් කර කර වැඩ දාන්න හැදුවා, කාර් එකේ අතුල්ලන්න හදනව. ඌ බීලා නිසා මාත් නිකන් හිටියා. මට මූණ අමතක වෙන්න කලින් අහවලා කියල පොලිසියට කීව. මුන් කුඩු කාරයෝ. ඊට පස්සෙ අපේ බෑග් වල සල්ලි එහෙම බැලුවා පොලිසියෙන්. මගේ තිබුනේ අම්මට බෙහෙත් ගන්න දාගත්ත 18000ක් වගේ ගානක් ඒත් වෙදකම් කරන වෙද මහත්තය ගාව 360000 තිබිලා ඒ මුකුත් නෑ. මගේ පර්ස් එකේ රුපියලක් ඉතුරු කරල නෑ. මන් ඒක බැලුවෙම පොලිසියෙ මහත්වරු එක්ක. මුන් සල්ලි උස්සන්න ගේම ගහපු උන්. මන් අද (23) උදේ 7 වෙනකම් කටඋත්තර දුන්නා. ඒ පොලිසියෙ මහත්වරුන්ගෙ කැපවීමට පැය දෙක තුනක් යද්දි උන් ඔක්කොම අල්ලලා. උන් ගාව අවි ආයුධත් තිබිලා කියල ආරන්චී. මුන් තරුණ කොල්ලො මුන් මේ තරම් කුඩු වෙනුවෙන් පිරිහෙන්න මොන තරම් ඇබ්බැහි වෙන්න ඇතිද? ඒ පොලු පාරවල් මිනිහෙක් මරන්න හොඳටම ප්‍රමාණවත්. ගෑණු කෙනෙක්ට ගහනව කියන එක නීතියෙන් ලේසි දෙයක් නෙවෙයි. පොලිසියෙන් උනත් ලේසි වෙන එකක් නෑ. අපි බලමු…” මට මේක ජීවිතයේ චිත්‍රපටියක් වගේ… ඒත් ඒක අමතක නොවෙන ඇත්ත කතාවක්… ?

සටහන


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36