2026.08.17 දින අතුරුගිරිය පොලිස් වසමේ මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙක් ඊයේ (01) දින දහවල් ගංගොඩවිල ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා ආපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු අවුරුදු 42 ක් වන ගංගොඩවිල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරුගෙන් අනාවරණය වු තොරතුරු මත අපරාධය සිදු කිරීම සඳහා සැකකරුවන් පැමිණි ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ යතුරුපැදියක් සැකකරුගේ නිවසේ තිබියදී සොයා ගෙන ඇති අතර මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
යතුරුපැදියට සවිකර තිබූ ව්‍යාජ අංක තහඩු 2026.07.19 දින දෙහිවල පොලිස් වසමේ සුසාන භූමියක් තුලදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීමේ අපරාධයට හා 2026.07.21 දින ගල්කිස්ස පොලිස් වසමේ පන්සල් පාර ප්‍රදේශයේ නිවසකට පැමිණ ගිනි අවියක් එල්ල කර බිය ගන්වා පහරදීමේ අපරාධයට සැකකරුවන් පැමිණි යතුරුපැදිවල සවිකර තිබූ අංක තහඩු බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.
බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













