අතුරුගිරිය – මලවියාකන්දේ පත්තු වූ වෙඩිල්ලට සැකකරුවෙක් අත්අඩංගුවට

2026.08.17 දින අතුරුගිරිය පොලිස් වසමේ මලවියාකන්ද පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙක් ඊයේ (01) දින දහවල් ගංගොඩවිල ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණු දිසා ආපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අවුරුදු 42 ක් වන ගංගොඩවිල, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් අනාවරණය වු තොරතුරු මත අපරාධය සිදු කිරීම සඳහා සැකකරුවන් පැමිණි ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ යතුරුපැදියක් සැකකරුගේ නිවසේ තිබියදී සොයා ගෙන ඇති අතර මෙම අපරාධය විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

යතුරුපැදියට සවිකර තිබූ ව්‍යාජ අංක තහඩු 2026.07.19 දින දෙහිවල පොලිස් වසමේ සුසාන භූමියක් තුලදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීමේ අපරාධයට හා 2026.07.21 දින ගල්කිස්ස පොලිස් වසමේ පන්සල් පාර ප්‍රදේශයේ නිවසකට පැමිණ ගිනි අවියක් එල්ල කර බිය ගන්වා පහරදීමේ අපරාධයට සැකකරුවන් පැමිණි යතුරුපැදිවල සවිකර තිබූ අංක තහඩු බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ මිනිස්සු මේ වගේ චිත්‍රපට කවදාවත් බලලා නෑ
04:23
Video thumbnail
අධිකරණය පැලවත්තට හැරෙනවා - කරුමය ගෙවන්න වෙන්නේ ජනතාවට..අපිට පුළුවන් උපරිමය අපි කළා
01:30
Video thumbnail
ජනපති එනවා කියලා ලයිසන් තුවක්කු පොලිසියට බාරදෙන්න කියලා - මේක මහ විහිළුවක්
02:00
Video thumbnail
මරික්කාර්ගේ අභද්‍ර වචනය ගැන කළබල වෙන්න ඕනි නෑ - අපිට විපක්ෂ නායක ගැන විශ්වාසයි
03:40
Video thumbnail
"ඉතිහාසයේ කවදාවත් නොවුණු පුදුමාකාර දෙයක් වෙලා තියෙන්නේ"
00:22
Video thumbnail
කාටත් හොරා විදේශ රටකින් ආනයනය කළ බදු නොගෙවූ සිගරට් තොගයක් කොටුවෙයි
01:01
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ බද්දේගම රත් කළ වෙ# වරුසාව - මෙන්න CCTV දර්ශන එළියට..
01:18
Video thumbnail
යුද හමුදාවට රටේ බලය දීම ගැන දොලවත්තගෙන් හෙළිදරව්වක් - හමුදාවට පුරුදු නෑ මිනිස්සු එක්ක ගණුදෙනු කරලා
07:45
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
අවු:20කින් හාරපු නැති ඇළක අනවසර ඉදිකිරීම ගොඩක් කරලා - ඉවත් කිරීමේදී මිනිස්සුන්ගෙන් චෝදනා
04:19