අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු යළි අධිකරණයට

ආගම්වලට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ දෙවන රිට් පෙත්සම විභාගයකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා සහ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විසින් මෙම විරෝධතා මතු කරනු ලැබුවා.

ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් දැනටමත් ගොනු කර ඇති අතර එය ලබන 28 වනදා කැඳවීමට නියමිතව ඇති බවයි.

එසේම තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා මෙම පෙත්සම්කරු මීට පෙර ද රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය ඔහු විසින්ම ඉල්ලා අස් කරගනු ලැබු බවත් ජනාධිපති නීතිඥවරයා සිහිපත් කළා.

එසේ තිබියදී පෙත්සම්කරු ලොව පුරා සංචාරය කරමින් ලන්ඩනයේ රැඳී සිට මෙරට අධිකරණය බලය අභියෝගයට ලක් කරමින් මේ ආකාරයෙන් පෙත්සම් ඉදිරිපත් කොට විමර්ශන කටයුතුවලට බාධා සිදු කරමින් සිටින බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ චෝදනා කර තිබෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා ද කියා සිටියේ මෙම පෙත්සම නීතියට පටහැනි ආකාරයෙන් ගොනුකර තිබෙන හෙයින් එය වහාම නිෂ්ප්‍රභ කළ යුතු බවයි.

මෙම පෙත්සම සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස පෙත්සම්කාර ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියා.

එම නඩුවට අදාළ විරෝධතා තිබේනම් ඒවා ජුලි මස 31 වන දාට පෙර ගොනුකරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 31 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44