අගලවත්තේ රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 3 දෙනෙකුට තුවාල

අගලවත්ත පිඹුර රෝහල අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ගමන් කළ යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මියගොස් ඇත්තේ මහගම මාහින්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි අයෙක්.

යතුරුපැදියේ පසුපස ගමන් ගත් මියගිය අයගේ සහෝදරයා, ලොරි රියදුරු සහ සහායකයා තුවාල ලබා නාගොඩ සහ පිඹුර රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

පොලේගොඩ සිට අගලවත්ත දෙසට ධාවනය වූ ලොරි රථය ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ද ගැටී පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.

කැබ් රථ රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් අනතුර සිදු වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අගලවත්ත පොලිසිය පරීක්ෂණ සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56