අගමැති හරිනි සහ චීන අගමැති අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

බීජිං හි පැවති 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සමගාමීව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ චීන අග්‍රාමාත්‍ය ලී කියැං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකා දූත පිරිසට සමුළුවට ආරාධනා කිරීම සහ සංචාරය පුරාවට ලබා දුන් උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් චීන රජයට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කරණ බවයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී පවසා ඇත්තේ.

වෙළඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතිය සහ ජනතාව අතර හුවමාරු ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම සම්බන්ධතාවය අවස්ථාවක් සපයන බවයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ.

නිල ණයහිමියන්ගේ කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවල ශ්‍රී ලංකාවේ මෑත කාලීන ප්‍රගතිය පිළිබඳව ද ඇය අගමැති ලී කියැංට පැහැදිලි කළ අතර, රටේ ආර්ථික ප්‍රකෘතිය අතරතුර චීනයේ අඛණ්ඩ සහයෝගය පිළිගන්නා බවත් සඳහන් කර තිබෙනවා.

ප්‍රධාන සංවර්ධන හවුල්කරුවෙකු ලෙස චීනයේ භූමිකාවේ වැදගත්කම ඉස්මතු කරමින්, ජාතික හා කලාපීය සම්බන්ධතාවය සහ සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය සඳහන් කරමින්, තීරයක් සහ මාවතක් මුලපිරීම (BRI) යටතේ ක්‍රියාත්මක වන සහ යෝජිත ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අග්‍රාමාත්‍යවරිය මෙහිදී නැවත් තහවුරු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56