පොසොන් උත්සවයට අමතර CTB බස් 400ක්

මිහින්තලය, තන්තිරිමලය සහ අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන්න බැතිමතුන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ගමනාගමන මණ්ඩලය පවසනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත්ද අල්විස් පැවසුවේ ගම්පහ සහ කොළඹ ලංගම ප්‍රාදේශිකයන්වල ද සහාය ඇතුව පොසොන් මංගල්‍යය වෙනුවෙන් අමතර බස්රථ 400ක් යෙදවීමට කටයුතු කරන බවයි.

අනුරාධපුර ලංගම ප්‍රාදේශීය කාර්යාලයේදී අද (08) පැවති පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

මහව සිට අනුරාධපුරය දක්වා වන දුම්රිය මාර්ගයේ සිදුවන අලුත් වැඩියාව හේතුවෙන් අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතාවය මඟ හැරීම සඳහා මීට පෙර වර්ෂවල දී පැවති පොසොන් උත්සව සඳහා යෙදවූ බස් රථ සේවාවට අමතර විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මේ වනවිට ක්‍රියාත්මක දුම්රිය රියදුරු වර්ජනය හමුවේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පිට ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන මගී ජනයා වෙනුවෙන් ප්‍රවාහන පහසුවන් සැලසීමට ද ලංගම කටයුතු කර ඇති බවත් සභාපතිවරයා මෙහි දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හැ#පිලා බලමු - නාමල්ගෙන් සත්තමක්..සජිත් රනිල් එකතු වෙන්න ඕනේ කියලා හැමෝටම කළින් කිව්වේ මම තමයි
02:52
Video thumbnail
ජොහාන්, ඩග්ලස් බලන්න මහරට ගිය නාමල්ගෙන් සැර කතාවක්.."මාව අත්අඩංගුවට ගත්තා කියලා මගේ ගමන නවත්තන්න බෑ"
07:46
Video thumbnail
වෙනිසියුලාවේ ජනපති සහ බිරිඳ ඇමරිකානු හමුදා භාරයට ගනී
00:49
Video thumbnail
හරිනි වහාම ඉල්ලා අස්වෙන්න - අධ්‍යාපනයේ මළගම ලියලා ඉවරයි
05:45
Video thumbnail
රු.25000 නොලැබීම නිසා ගම්මු කුපිත වෙයි.."ජනාධිපති දෙන්න කිව්ව ඒවා මෙයාලා දෙන්නේ නෑ.."
12:36
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර්වල සෙල්ලම
00:35
Video thumbnail
ආණ්ඩුව දැන් ගුරුවරුන්ට ශොට් එක දෙන්නයි හදන්නේ
03:26
Video thumbnail
හරිනිගේ වුවමනාවට දරුවන්ගේ අනගාතය විනාශ කරන්න එපා
13:28
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර්වල සෙල්ලම.."ගන්න බැරි නම් මෙතන දාලා යන්න..අවුලක් නෑ"
00:58
Video thumbnail
"කඩන්න බැරි පොහොට්ටුවේනේ අපි" හිමිනම කිව්ව කතාවට දිලිත්ගේ මූණ ඇඹුල් වෙයි
04:17


?