කෝටියකට වැඩි කොකේන් සිරුරේ සඟවාගෙන ආ උගන්ඩා කතක් කටුනායක දී අල්ලයි

රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස්දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය සිරුරේ සඟවා ගෙන මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් අද (12) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි උගන්ඩා ජාතික කාන්තාවක්.

මෙම කාන්තාව උගන්ඩාවේ කම්පාලා නුවරින් කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරණ ගුවන් යානයෙන් කටුනායක වෙත අද (12) උදෑසන 09.30ට පැමිණ තිබෙනවා.

මෙම කාන්තාව පිළිබඳව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරු සහ අවදානම් විශ්ලේෂණය කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු ඇය පූර්ණ වශයෙන් විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහිදී කරල් ලෙස සකසා ඇය සිය සිරුරෙහි සඟවා ගෙන තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274ක් සොයාගැනීමට හැකිව තිබෙනවා.

එමෙන්ම තවත් කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ලෙස සකස් කර ගිලදමා ඇති බවට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැක පහළ කරනවා.

ඒ, අනුව මෙම උගන්ඩා ජාතික කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සහ නීතිමය ක්‍රියාමාර්ග සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38