AFC Banner
AFC Banner
Empty Ad

කැඩුණ මෝටර් රථ හදාගන්නත් බැරි වෙන තත්වයක්

යතුරුපැදි, ත්‍රී රෝද රථ, මෝටර් රථ, බස්රථ ආදි රථ වාහන වල ලිහිසි තෙල්, ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් දරාගැනීමට නොහැකි ලෙස සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජනතාව චෝදනා කරති.ඇතැම් අමතර කොටස් සියයට තුන්සීයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු කියති.

රුපියල් 4000 ත්, 5000 ත් අතර පැවති යතුරු පැදි ටයර් රුපියල් 12,000 ඉක්මවා හැකි බවත් ඔවුහු පවසති.එමෙන්ම රුපියල් 3600ක් ව පැවති යතුරු පැදි බැටරිය රුපියල් 9000 ඉක්මවා ඇති අතර රුපියල් 450 ක් ව පැවති බ්‍රේක් ලයිනර් රුපියල් 1200 ක් දක්වාත්, රුපියල් 4000 ක්ව පැවති චේන් ස්පොකට් රුපියල් 9000 ක මිලකටත් රුපියල් 800ක් ව පැවැති ලිහිසි තෙල් රුපියල් 1600 ක මිලකටත් අලෙවි වන බව ඔවුහු කියති.

රුපියල් 35,000 ක් ව පැවති බස්රථ ටයර් රුපියල් 75000 දක්වාත්, රුපියල් 24000ක් ව පැවැති බැටරිය රුපියල් 70000 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.වෙළඳපොලේ නැවත පුරවන ලද ටයර් වල විශාල හිඟයක් පවතින බවත් ඔවුහු පවසති.

මීට අමතරව තිරෝද රථ මෝටර් රථ ඇතුළු සියලුම රථවාහන වල අමතර කොටස් තමන්ට දරාගැනීමට නොහැකි ලෙස වැඩි වී ඇතැයි ද ජනතාව කියති.රථ වාහන අමතර කොටස් අලෙවි නියෝජිතයන්ගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔව්හු පැවසුවේ රථ වාහන අමතර කොටස් ගෙන්වීමේ දී මතුවන ගැටලු සහ පවතින හිඟය අමතර කොටස් මිල ඉහල යාමට හේතු වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?