අමෙරිකාවෙන් ICC වෙත දැඩි විවේචන එල්ල කරමින් තම රටට ඇතුල්වීමට සම්බාධක පනවයි

අමෙරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරටට ඇතුල් වීම තහනම් කරමින් සම්බාධක පනවා තිබෙනවා.

අල් ජසීරා මාධ්‍ය ඒජන්සිය සඳහන් කළේ ට්‍රම්ප් පරිපාලනය යටතේ මෙම සම්බාධකය පනවා ඇති බවයි.

ඒ අනුව ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ ඉදිරියේ දී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පරිපාලනයට, සේවකයින්ට හෝ එම පවුල්වල සාමාජිකයින්ට අමෙරිකාවේ සංචාරය කිරීම හෝ වත්කම් ඉපැයීම සඳහා පැමිණීම සිදු කළ නොහැකි වනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) සම්බාධක පනවා ඇත්තේ තම රාජ්‍යය සහ ඊශ්‍රායලය අපයෝජනයට පත් කළ බවට චෝදනා කරමින්.

ඊට අදාළ වන තහනම් නියෝගයකට අද (07) ට්‍රම්ප් අත්සන් තැබුවා.

මෙම පියවර ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ එක්සත් ජනපද සංචාරයට සමගාමීව සිදු කෙරුණා.

මේ මාසයේදී ICC විසින් නෙතන්යාහුට මෙන්ම හිටපු ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ ජ්‍යෙෂ්ඨ හමාස් නිලධාරියෙකුට ගාසා තීරයේ යුද්ධයේ දී යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා කරමින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ද නිකුත් කළා.

ට්‍රම්ප්ගේ නියෝගයේ සඳහන් වූයේ හේග් පදනම් කරගත් අධිකරණය ඊශ්‍රායල ජාතිකයින්ට වරෙන්තු නිකුත් කිරීමෙන් “තම බලය අනිසි ලෙස භාවිතා කර ඇති” බවයි.

ධවල මන්දිරය විසින් ඊශ්‍රායලය “යුද නීතිවලට දැඩි ලෙස අනුගත වන හමුදාවක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක්” ලෙස ද නිර්වචනය කරනු ලැබුවා.

  1. Beyond all of his decisions in favour of USA, Mr. Trump’s decision in stopping the US aids towards the under developed countries is not a humane and human decision. Therefore, please think again to be generous towards such needy countries.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39