‘කූඹියට හුජ්ජ ගංගාවක්” – දොලවත්තගෙන් නලින්දට උපහාසාත්මක ප්‍රකාශයක් (වීඩියෝ)

අරගලයෙන් විනාශ කළ දේපොළ සම්බන්ධයෙන් තමන් රජයෙන් ලබාගත් වන්දි මුදල් කිසිසේත් ම සිය නිවස ප්‍රතිසංස්කරණය කරගැනීමට ප්‍රමාණවත් නොවුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසනවා.

අද (07) සිය නිවසේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට බලපෑම් කරමින් කිසිදු මුදලක් ලබාගෙන නොමැති බවයි.

තමන්ගේ නිවසෙහි සවිකර තිබූ ජනේල 40ක් තිබූ බවත්, ඒවා සියල්ලම විනාශ කර දැමුවේ අරගකරුවන් බවත්, ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට රජයෙන් ලබාගත්තේ රුපියල් 837000ක මුදලක් බවත් දොලවත්ත මහතා පවසනවා.

විරුද්ධ දේශපාලනයක් සිදු කෙරුව ද, විරුද්ධ මතධාරීන් විනාශ කළ ද, එය ස්වාභාවික ආපදාවක් නොවන බවයි හිටපු මන්ත්‍රීවරය පැවසුවේ.

එමෙන්ම හිටපු මන්ත්‍රීවරයා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාට ප්‍රසිද්ධ අභියෝගයක් ද සිදු කර තිබෙනවා.

ඒ මෙම හානි සම්බන්ධයෙන් නැවත රාජ්‍ය නිලධාරීන් එවා ගණනය කිරීම් සිදු කරන ලෙසයි.

අරගලයෙන් තමන්ගේ නිවසෙහි තිබූ කළුවර ලීයෙන් තැනූ පුටු 05ක් කඩා දැමූ බවත් ඉන් එකක් අම්බලන්ගොඩ නගරයෙන් පිළිසකර කරගැනීමට රුපියල් 275000ක මුදලක් වැයවන බව ද දොලවත්ත මහතා සඳහන් කළා.

ජාතික ජන බලවේගය පක්ෂයේ ඇමති නලින්ද මෙන් සෙසු පිරිසට ද අරගලයෙන් දේපොළ විනාශ වීම සුළු කරුණක් වනු ඇත්තෙ ඔවුන් බලයට ඒමට පෙර ජීවත් වූ ආකාරය නිසාවෙන් විය හැකි බව ද දොලවත්ත මහතා වැඩිදුරටත් පැවසුවා.

එය හුදෙක් ‘කූඹියෙක්ට හුජ්ජ ගංගාවක්’ වගේ යැයි යන්න ද ඒ මහතා කියා සිටියා.

  1. මුං ගත්ත ගනන් අහනකොට අපිටයි හූජීජ යන්නෙ සද්ද නැතිව ඉදලා කෙලවූනම කියවනවා මූ මහින්දගෙ පිහිටෙන් ඇවිත් රනිල්ට කඩෙ ගිය එකානෙ ජනෙල් 40 තියෙන්න සත් මහල් ප්‍රසදයක් මූගෙ ගෙදර.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15