අද හා හෙට විදුලි කප්පාදුවක්

අද (10) සහ හෙට (11) පස්වරු 3.30ත් රාත්‍රී 9.30ත් අතර විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ පැය එකකුත් මිනිත්තු 30ක කාලයක් මෙම විදුලි කප්පාදුව දිවයින පුරා දෙදින තුළ සිදු කෙරෙනු ඇති බවයි.

මීට අදාළ වන යෝජනවා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඊයේ (09) දිනයේ දී ද දිවයින පුරා ම හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුණා.

විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවක් හේතුවෙන් එම බිඳවැටීම සිදුව ඇති බව වාර්තා වුණා.