ජනපති උපන් බවට පැවසෙන රෝහලත් ක්ලීන් වෙයි – ඒත් අඩුපාඩු රැසක් ගැන මැසිවිලි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපත ලද බවට පැවසෙන මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දේවහූව රෝහල් පරිශ්‍රය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පිරිසිදු කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ දේවහූව රෝහල් සංවර්ධන කමිටුව හා මකුල්ගස්වැව ගල්වඩුවාගම එක්සත් මරණාධාර සමිතියේ මූලිකත්වය යටතේ යි.

කෙසේවෙතත් එම රෝහල තුළ හදිසි රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට යාමේදී දැඩි අර්බුදකාරී තත්ත්වයකට වෛද්‍ය මණ්ඩලය සහ හෙද කාර්‍යය මණ්ඩලය පත් වන බව වාර්තා වනවා.

ක්ලීන් ශ්‍රී ලංකා ශ්‍රමදානය අතරතුර දී මාධ්‍යයට අදහස් දැක්වූ ජනතාව කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා උපත ලැබූ මෙම දේවහූව රෝහලේ අඩුපාඩු රැසක් පවතින බවත් ඒවා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවයි.

ඉකුත් සමයේ මෙම රෝහල වැසී යාමේ අවදානමකට ද ලක් ව තිබුණු බවට වාර්තා වනවා.

මෙම රෝහල දේවහූව ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භයත් සමග මාතෘ නිවාසයක් ලෙස එවකට පැවැති රජයෙන් ස්ථාපනය කරන ලද්දක් වන බව රෝහල් ඉතිහාසය සම්බන්ධයෙන් අදහස් දැක්වූ තතු දත් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.

දේවහූව රෝහලෙන් මේ වනවිටත් දිනකට රෝගීන් 400ක් පමණ ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා ගන්නා බව ද එම ජනතාව පවසනවා.

එවන් පසුබිමක් තුළ මේ වනවිට එම රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබීමට පහසුකම් සැලසී ඇත්තේ ද රෝගීන් 10 දෙනෙකුට පමණ වූ ඉතා අවම පිරිසකට බව ද ප්‍රදේශවාසීන් සඳහන් කළා.

අදාළ රෝහල තුළ වෛද්‍ය රසායනාගාරයක්, දුර බැහැර සිට සේවයට පැමිණෙන වෛද්‍යවරුන්ට නේවාසිකාගාරයක් හෝ විවේකාගාරයක් හෝ මෙම රෝහලේ නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමු කරන ලෙසයි ප්‍රදේශවාසීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31