Empty Ad
Empty Ad
AFC Banner

අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු ඇන්ද වූ සිද්ධිය ගැන කඩිනම් විමර්ශනයක්

අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක උපදෙස් ලබා දී තිබෙනවා.

අමාත්‍යවරයා විසින් වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරියට මෙලෙස උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ.

කිසියම් පිරිසක් විසින් අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවා ඇති අවස්ථාවක ලබාගත් ඡායාරුපයක් ඊයේ දිනයේ දී සමාජ මාධ්‍යයේ සංසරණය වුණා.

ඒ, සමඟයි මේ පිළිබඳව කතාබහක් සමාජය තුළ මතුව ආවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
2
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?