ජගත් වික්‍රමරත්න නව කතානායක තනතුරට (වීඩියෝ)

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න නව කතානායකවරයා ලෙස අද (17) පාර්ලිමේන්තුවේ දී තෝරා පත්කර ගත්තා.

ඔහුගේ නම අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය විසින් යෝජනා කළ අතර, එය සභා නායක බිමල් රත්නායක ස්ථිර කළා.

ඒ, අනුව ජගත් වික්‍රමරත්න මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ 28 වන කතානායකවරයා ලෙස ඉතිහාසයට එක් වුණා.

10 වන පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස තේරී පත්වූ; අශෝක රංවල එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කතානායක ධුරය පුරප්පාඩුව පැවතියා.