‘Wild Cookbook’ හි නිර්මාතෘ චරිත්ට හා Silver Isle හි නිර්මාතෘ යානිකා අමරසේකරට ෆෝබ්ස් සඟරාවෙන් ඉඩක්

‘Wild Cookbook’ හි නිර්මාතෘ, ශ්‍රී ලාංකික සූපවේදී චරිත් එන්. සිල්වා, 2025 සඳහා Forbes 30 Under 30 Asia ලැයිස්තුවට නම් කර තිබෙනවා.

Forbes හි “30 Under 30 Asia” ලැයිස්තුවේ 10 වන වාර්ෂික සංස්කරණයට ආසියා – පැසිෆික් කලාපය පුරා තරුණ ව්‍යවසායකයින්, නායකයින් සහ නවෝත්පාදකයින් 300ක් ඇතුළත් වන අතර, ඔවුන් සියල්ලෝම වයස අවුරුදු 30 ට අඩු වීම ද සුවිශේෂීයි.

එම සුවිශේෂී විශිෂ්ටයින්ගේ නාම ලැයිස්තුවටයි ශ්‍රී ලාංකික තරුණ ව්‍යවසායක චරිත් එන්. සිල්වාගේ නම ද ඇතුළත් ව ඇත්තේ.

‘Wild Cookbook’ යන මාතෘකාව යටතේ ඉවුම් පිහුම් වීඩියෝ සඳහා ප්‍රසිද්ධියට පත් වූ චරිත්, Forbes හි The Arts (කලාව සහ විලාසය, ආහාර සහ පාන වර්ග) කාණ්ඩයට සිය නම ඇතුළත් කරගැනීමට සමත් ව තිබෙනවා.

ෆෝබ්ස් සඟරාවේ ශ්‍රී ලාංකිකත්වය ජාත්‍යන්තරයට රැගෙන ගිය තරුණ සුපවේදියා ගැන දක්වා ඇත්තේ මෙසේයි;

එළිමහන තුළ කෑම පිළියෙළ කරන ආකාරය පෙන්වන වීඩියෝ සඳහා ප්‍රසිද්ධ චරිත් එන් සිල්වා, 2020 දී කොවිඩ් වසංගතය අතරතුර ‘Wild Cookbook’ යූ ටියුබ් නාලිකාව නිර්මාණය කර ඇත. වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ඇති ‘Wild Cookbook’ මේ වනවිට ශ්‍රී ලංකාවේ විශාලතම යූ ටියුබ් නාලිකාව වන අතර ග්‍රාහකයින් මිලියන 10කට අධික සංඛ්‍යාවක් සිටින්නකි. චරිත් එන්. සිල්වාට ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයින් මිලියන 2.3කට අධික සංඛ්‍යාවක් සිටී. 2024 නොවැම්බර් මාසයේදී ඔහු කොළඹ වයිල්ඩිෂ් නමින් අවන්හලක් විවෘත කළේය.” යනුවෙන්.

සිය වෘත්තීය ජීවිතයේ විශිෂ්ටත්වයට පත් වීම ගැන මෙම තරුණ ව්‍යවසායකයා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද තබා තිබෙන්නේ මෙලෙසින්.

2025 දී ෆෝබ්ස් 30 න් පහළ 30!!
මගේ කතාවේ කොටසක් වූ සෑම පුද්ගලයෙකුටම මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි ❤️
මෙම ඇදහිය නොහැකි ගෞරවය සඳහා ෆෝබ්ස් ඔබට ස්තුතියි!”
යනුවෙන්.

එමෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තවත් ලාංකිකයෙකු මෙවර ෆෝබ්ස් සඟරාවට ඇතුළත් ව සිටිනවා.

නමින් යානිකා අමරසේකර වන ඇය ශ්‍රී ලංකාවේ පළමු මාර්ගගත විවාහ ලේඛනාගාරය (online wedding registry) වන Silver Isle හි නිර්මාතෘවරියයි.

විවාහ තෑගිවල සිට golf lessons සහ නිවාඩු සැමරුම් දක්වා, ජීවිතයේ සන්ධිස්ථාන අපි සමරන ආකාරය ඇය විසින් නව තලයකට ගෙන ගොස් තිබීම හේතුවෙන් ඇයට ජාත්‍යන්තර සුප්‍රසිද්ධ සඟරාවක ඉඩ වෙන් ව තිබෙනවා.

අද, ඇය ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික මූල්‍ය සමාගමක ස්වාධීන අධ්‍යක්ෂවරියක් ලෙස ද සේවය කරනවා.

ෆෝබ්ස් සඟරාවේ වෙන්වුණු ලිපිය සම්පූර්ණයෙන් මෙතැනින් කියවන්න..

Screenshot 2025 05 15 125107
WhatsApp Image 2025 05 15 at 12.19.36
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
47
+1
0
+1
14
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:00
Video thumbnail
වෛද්‍යවරියන්ගේ නාන කාමරවල කැමරා සවිකල 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනාට ඇප
02:27
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01