Empty Ad
AFC Banner
AFC Banner

WhatsApp වෙතින් නව විශේෂාංගයක්

2023 නව වසර ආරම්භයත් සමග WhatsApp විසින් නව විශේෂාංගයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

ඇතැම් රජයන් විසින් පනවා ඇති අන්තර්ජාල අවහිරතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගිය දා කියාසිටියේ මෙය මානව හිමිකම්වලට වල කැපීමක් බවයි.

ලොව පුරා WhatsApp භාවිතා කරන්නන් සඳහා ප්‍රොක්සි සහාය ක්‍රියාත්මක කරන බවයි WhatsApp පවසන්නේ.

මින් අදහස් කෙරෙන්නේ පරිශීලකයන්ගේ සම්බන්ධතාවය අවහිර වී ඇත්නම් හෝ ප්‍රවේශ වීමට නොහැකි වෙනත් කිසියම් බාධාවක් නම් ඇත්නම් WhatsApp වෙත ප්‍රවේශය පවත්වා ගැනීමට හැකියාව ඔවුන්ට ලබාදීමයි.

WhatsApp හි නව ප්‍රොක්සි සහය විශේෂාංගය පරිශීලකයින්ට නිදහසේ සන්නිවේදනය කිරීමට උපකාර කිරීම සඳහා කැපවී සිටින ස්වේච්ඡා සේවකයන් සහ සංවිධාන විසින් නිර්මාණය කර තිබෙනවා.

WhatsApp යෙදුමට සම්බන්ධ වීම වෙනුවෙන් උපකාර කිරීම සඳහා ඔවුන්ගේම ප්‍රොක්සි පිහිටුවීමට මෙමගින් ඉඩ සැලසෙන අතර WhatsApp යෙදුමේ වඩාත්ම යාවත්කාලීනය භාවිත කරන සියලුම පරිශීලකයින්ට මෙම විශේෂාංගය දැනට පවතිනවා.

WhatsApp සමාගමට අනුව, අවහිරතාවලින් බලපෑමට ලක් වූ කලාපවල පරිශීලකයින්ට ප්‍රොක්සි සේවාදායකයකින් සම්බන්ධ වීමෙන් පසු යෙදුම හරහා සන්නිවේදනය කිරීමේදී සාමාන්‍ය පරිදි පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව පවතිනවා.

මේ අතර පසුගිය දෙසැම්බර් 31 වනදා සිට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය සන්නිවේදන පණිවුඩකරණ සේවාවක් වන WhatsApp විවිධ මාදිලියේ ස්මාර්ට්ෆෝන් 49ක් සඳහා ක්‍රියාත්මක වීම නතර කර තිබෙනවා.

දුරකතන උපාංග මෙන්ම මෘදුකාංග නිරන්තරයෙන් වෙනස්වන බැවින් යාවත්කාලීන විය යුතු මෙහෙයුම් පද්ධතීන් පිළිබඳ නිරන්තරයෙන් සමාලෝචනය කරමින් සිටින බවයි WhatsApp සමාගම ප්‍රකාශකර ඇත්තේ.

මෙහෙයුම් නතර කෙරෙන දුරකතන වර්ගවල හි නවතම යාවත්කාලීන කිරීම් නොතිබීම හෝ WhatsApp ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රියාකාරීත්වයක් නොමැති වීම මත එම දුරකතනවලට WhatsApp ක්‍රියාත්මක වීමට සහාය ලබාදීම නතර කෙරෙනු ඇති.

WhatsApp විසින් මෙම පැරණි දුරකථනවල සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම නතර කිරීමක් මෙමගින් අදහස් නොවන අතර එයින් අදහස් වන්නේ සමාගම යාවත්කාලීන කිරීම් සමඟ ඒවාට සහාය නොදක්වන බවයි.

එබැවින් දෝෂ සහ අනෙකුත් ගැටළු සඳහා කිසිදු විසදුමක් නොලැබෙනු ඇති.

ඒ හා සමානව, නිකුත් කරනු ලබන කිසිදු නව WhatsApp විශේෂාංග වෙත ප්‍රවේශය ද අදාළ දුරකථන සඳහා නොලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

හැකියාවක් ඇත්නම් නම්, පැරණි දරකථන උපාංගයේ මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කර සාමාන්‍ය පරිදි WhatsApp භාවිතා කිරීම දිගටම කරගෙන යාමට හැකි වනවා.

උපාංගය මෑතකාලීන මෙහෙයුම් පද්ධතිදයකට යාවත්කාලීන කළ නොහැකි නම්, නව දුරකථනයක් මිලදී ගැනීමට සිදුවනවා.

WhatsApp නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි වන දුරකථනවල සම්පූර්ණ ලැයිස්තුව මෙන්න.

iPhone 5

Phone 5c

Archos 53 Platinum

Grand S Flex ZTE

Grand X Quad V987 ZTE

HTC Desire 500

Huawei Ascend D

Huawei Ascend D1

Huawei Ascend D2

Huawei Ascend G740

Huawei Ascend Mate

Huawei Ascend P1

Quad XL

Lenovo A820

LG Enact

LG Lucid 2

LG Optimus 4X HD

LG Optimus F3

LG Optimus F3Q

LG Optimus F5

LG Optimus F6

LG Optimus F7

LG Optimus L2 II

LG Optimus L3 II

LG Optimus L3 II Dual

LG Optimus L4 II

LG Optimus L4 II Dual

LG Optimus L5

LG Optimus L5 Dual

LG Optimus L5 II

LG Optimus L7

LG Optimus L7 II

LG Optimus L7 II Dual

LG Optimus Nitro HD

Memo ZTE V956

Samsung Galaxy Ace 2

Samsung Galaxy Core

Samsung Galaxy S2

Samsung Galaxy S3 mini

Samsung Galaxy Trend II

Samsung Galaxy Trend Lite

Samsung Galaxy Xcover 2

Sony Xperia Arc S

Sony Xperia miro

Sony Xperia Neo L

Wiko Cink Five

Wiko Darknight ZT

WhatsApp Apple හි iOS 9 සහ ඉහළ, සහ Android v4.3 සහ ඉහළ ඒවාට අඛණ්ඩව සහාය ලබා ගැනීමට හැකියාව පවතිනවා.

Android 4.3 හෝ ඊට පහළ ඕනෑම දුරකථනයක්, සහ iOS 9 හෝ ඊට පහළ දුරකථන, දෙසැම්බර් 31 වැනිදායින් පසු WhatsApp විශ්වාසනීය ලෙස ක්‍රියාත්මක නොවනු ඇති. දැනටමත් Android 2.3.7 සහ iOS 8 ධාවනය වන ස්මාර්ට්ෆෝන් සඳහා සහය දැක්වීම පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අවසන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?