WhatsApp යොදාගනිමින් පොලිස් පැමිණිලි ඉරිදිපත් කරන්න ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට අවස්ථාවක්

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව සඳහා වන අයිතිවාසිකම් සුරැකීමේ සහ පහසුකම් පුළුල් කිරීමේ පියවරක් ලෙස 119 හදිසි ඇමතුම් අංශය වෙත WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ තාක්ෂණය යොදා ගනිමින් පැමිණිලි කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් එළඹෙන 10 වැනි දින සිට ආරම්භ කිරීමට නියමිතයි.

මෙය පසුගිය 03 වැනිදාට යෙදී තිබුණු 160 වන පොලිස් දිනයට සමගාමීව ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව මෙම විශේෂ ව්‍යාපෘතිය පොලිස් දිනය දා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.

මෙමඟින් ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශය සමඟ සම්බන්ධ වී පැමිණිලි ඉදිරිපත් කිරීමට කෙටි දුරකථන අංකයක් හඳුන්වාදීම සිදුකරන තෙක් පහත පහත පියවර අනුගමනය කරමින් පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව,
ප්‍රථමයෙන් 011- 2809980 යන අංකය ඔබගේ දුරකථනයේ ගබඩා (Save) කරගත යුතුයි.
පසුව WhatsApp හරහා එම දුරකථන අංකයට ඇමතුමක් (Audio Call) ලබාදිය යුතු වනවා.
එම අවස්ථාවේ එම දුරකථන ඇමතුම විසන්දි වී, දුරකථනයට සබැදියක් ( Link ) ලැබෙයි.
එම සබැදිය (Link) හරහා නැවත WhatsApp වෙත පිවිසිය යුතු වනවා.
ඉන් පසු එහි ඇති “Join Browser” click කර “Join Meeting” වෙත පිවිසිය යුතු අතර එයින් වීඩියෝ ඇමතුම හා සම්බන්ධ වී පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43