Empty Ad
Empty Ad
 Empty Ad

VPN සඳහා වැට බැඳීමට පාකිස්තානය සැරසෙයි

මේ මස අවසන් වීමෙන් පසු රට පුරා ලියාපදිංචි නොකළ සියලුම Virtual Private Networks (VPN) සම්පූර්ණයෙන්ම අවහිර කරන බව පාකිස්තාන ටෙලිකොම් අධිකාරිය (PTA) නිල වශයෙන් දන්වා තිබෙනවා.

තොරතුරු තාක්ෂණ සහ ටෙලිකොම් පිළිබඳ සෙනෙට් කමිටුවට PTA සභාපතිවරයා මේ බව දැනුම් දී ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

මෘදුකාංග ආයතන, ඇමතුම් මධ්‍යස්ථාන, බැංකු, තානාපති කාර්යාල, නිදහස් සේවකයින් සහ වෙනත් අය හා සම්බන්ධ පුද්ගලයින් සහ සංවිධාන ඔවුන්ගේ VPN පාකිස්තාන ටෙලිකොම් අධිකාරියේ වෙබ් අඩවියේ ලියාපදිංචි කළ යුතු වනවා.

ඒ අනුව නොවැම්බර් 30 වෙනිදායින් පසු සාමාන්‍ය අන්තර්ජාල භාවිතා කරන්නන්ට X (කලින් Twitter) ඇතුළු තහනම් කරන ලද සියලුම වෙබ් අඩවි වෙත පිවිසීමට නොහැකි වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?