VAT බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් ශකටුම්පත සඳහා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (11) සිය සහතිකය සටහන් කර තිබෙනවා.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය 09 දින පැවැත් වූ අතර කාරක සභා අවස්ථාවේ දී පනත් කෙටුම්පතට සංශෝධන එක් වුණා.

අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා 2025.03.01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?