VAT බදු පනත් කෙටුම්පත විවාදයට ඡන්දයක්

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (11) දිනයේ ම සිදුකිරීමට සභානායක සුසිල් ප්‍රේමජයන්ත සිදුකළ යෝජනාව වැඩි ජන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මේ සඳහා සිදුකළ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර, විපක්ෂව හිමි වුයේ ඡන්ද 41ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 51 කින් ආණ්ඩු පක්ෂය ගෙන ආ යෝජනාව සම්මත වුණා.

2024 විසර්ජන පනත් කෙටුම්පතේ අද (11) දිනට නියමිත කාරක සභා අවස්ථාවේ වැඩකටයුතු නිමවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ සඳහන් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීම අද දිනම සම්මත කර ගැනී‍මට සභානායකවරයා විසින් යෝජනා කර සිටියා.

ඉන් අනතරුව පරිපූරක ඇස්තමේන්තුව ද අද (11) දිනම අනුමත කරගත යුතු බව ද සභානායකවරයා යෝජනා කළා.

ඒ, අනුව විපක්ෂය විසින් එම යෝජනාව සඳහා ඡන්දයක් අවශ්‍ය බව පැවසීමෙන් අනතුරුවයි ඊට අදාළ ඡන්ද විමසීම පැවැත් වුණේ.

මේ සමඟ 2024 අයවැය විවාදයෙන් පසු වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) පස්වරුවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02