අටමස්ථානාධිපති හිමි සම්බන්ධ බව කියන දූෂණ සිද්ධිය ගැන විෂයභාර ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ල වී ඇති බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

අමාත්‍යවරිය සඳහන් කරන්නේ වින්දිත දැරිය වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා පොලිසිය බවයි.

එහිදී අමාත්‍යවරිය පවසන්නේ වින්දිත දැරිය අධිකරණයට අනාවරණය කිරීම හෝ බාහිර පාර්ශ්වය වෙත අනාවරණය කිරීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවයි.

එමෙන්ම දැරිය විසින් ලබාදී ඇති ආරම්භක සාක්ෂියේ සිට මෙතෙක් ලබා දී ඇති සාක්ෂි සහ අනාවරණය කරගත් කරුණු පදනම්කරගෙන මෙම නඩුව ඉදිරියට ගෙනයෑමේ හැකියාව පොලිසියට පවතින බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් පවතින විශ්වාසය බිඳ දැමීමට විපක්ෂය සහ තවත් කණ්ඩායම් දරන උත්සාහයන්වලට දැඩි සේ විරෝධය පලකරන බවත් ඇමතිවරිය මෙහිදී අවධාරණය කළා.

එමෙන්ම වින්දිත දැරියගේ පෞද්ගලික තොරතුරු මෙන්ම මෙම නඩුවට අදාළ විමර්ශන තොරතුරු අනාවරණය කිරීමෙන් වැළකී සිටින ලෙස ද ඇය මාධ්‍ය වෙතින් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
00:56
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17