වැසි ජලයෙන් යටවුණු හලාවත රෝහලේ වාට්ටු යළි විවෘත කෙරේ

වැසි ජලය බැස නොයාම හේතුවෙන් වසා දමා තිබූ හලාවත මහා රෝහලේ වාට්ටු දෙක නැවත රෝගීන් සදහා විවෘත කර ඇති බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක පවසනවා.

පෙරේදා (22) අළුයම පැවති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැසි ජලය බැස නොයාම නිසා හලාවත මහා රෝහලේ 04 සහ 05 වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ව වෙනත් වාට්ටුවලට මාරුකර යැවීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කරන ලැබුවා.

කෙසේ වෙතත් රෝහල් කාර්ය මණ්ඩලය විසින් වාට්ටු පිරිසිදු කිරීමෙන් අනතුරුව රෝගීන් නැවත නේවාසික කිරීමට කටයුතු කර තිබෙනවා.