දෙහි බාලේගේ අයිස් විකුණූ ගෝලයන් දෙදෙනෙක් මාට්ටු

සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දැනට විදේශ රටකට පලා ගොස් සැඟව සිටින “දෙහි බාලේ “නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙක් ඇතුළු දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකසිය හයක් සමග අද (23) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව, මෙත්තාරාම ප්‍රදේශයේ පදිංචි “ජනා” නමින් හඳුන්වන පුද්ගලයෙක් සහ තවත් අයෙක්.

කොට්ටාව අවට ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයෙක් පිළිබඳව විශේෂ කාර්යාංශයේ නිලධාරියක්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී බෙදා හැරීම සදහා අවශ්‍ය මත්ද්‍රව්‍ය තොගයක් පැකට් කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 මිලිග්‍රෑම් 700ක්, විද්‍යුත් තරාදියක් , පොලිතීන් පැකට් කිහිපයක්, මත්ද්‍රව්‍ය මැනීම සඳහා භාවිතා කරන විශේෂ හැන්දක් හා ජංගම දුරකථනයක් සමඟ පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එම සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300 සමග අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලිසිය සඳහන් කළා.

පසුව සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී කොට්ටාව අතුරුගිරිය පන්නිපිටිය මහරගම මාකුඹුර හෝමාගම මත්තේගොඩ ප්‍රදේශවලට මහා පරිමාණයෙන් අයිස් මත් ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වූ බවත් එම මත්ද්‍රව්‍ය දැනට විදේශ රටකට පලා ගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “දෙහි බාලේ ” නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය බවත් ඒවා අධිවේගී මාර්ගය හරහා දෙවිනුවර ප්‍රදේශයේ සිට කොළඹට රැගෙන විත් මෙසේ අලෙවි කර ඇතිි බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48