spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

VAT බදු පනත් කෙටුම්පත විවාදයට ඡන්දයක්

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (11) දිනයේ ම සිදුකිරීමට සභානායක සුසිල් ප්‍රේමජයන්ත සිදුකළ යෝජනාව වැඩි ජන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

මේ සඳහා සිදුකළ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර, විපක්ෂව හිමි වුයේ ඡන්ද 41ක් පමණයි.

ඒ අනුව වැඩි ඡන්ද 51 කින් ආණ්ඩු පක්ෂය ගෙන ආ යෝජනාව සම්මත වුණා.

2024 විසර්ජන පනත් කෙටුම්පතේ අද (11) දිනට නියමිත කාරක සභා අවස්ථාවේ වැඩකටයුතු නිමවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ සඳහන් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීම අද දිනම සම්මත කර ගැනී‍මට සභානායකවරයා විසින් යෝජනා කර සිටියා.

ඉන් අනතරුව පරිපූරක ඇස්තමේන්තුව ද අද (11) දිනම අනුමත කරගත යුතු බව ද සභානායකවරයා යෝජනා කළා.

ඒ, අනුව විපක්ෂය විසින් එම යෝජනාව සඳහා ඡන්දයක් අවශ්‍ය බව පැවසීමෙන් අනතුරුවයි ඊට අදාළ ඡන්ද විමසීම පැවැත් වුණේ.

මේ සමඟ 2024 අයවැය විවාදයෙන් පසු වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) පස්වරුවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?